25th March 2024 15:45:43 පැය
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත, 642 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද ‘64 පාබල සේනාංක අභියෝග කුසලාන අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය - 2024’ ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
25th March 2024 15:44:52 පැය
221 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය, සාගරපුර සිංහල විද්‍යාලයේ සහ පුල්මුඩේ ‘හැපි කිඩ්ස්’ පෙර පාසලේ ළමුන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින පවත්වනු ලැබීය.
25th March 2024 15:29:27 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 64 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලද ඔඩ්ඩුසුඩාන් ළමා උද්‍යානය පසුගිය සෙනසුරාදා (මාර්තු මස 16) දින පැවති උත්සවයකදී නිල වශයෙන් මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී.
25th March 2024 15:28:26 පැය
I‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කෘෂිකර්මාන්තයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ‘මී’ පැල බෙදා දීමේ වැඩසටහනක් පසුගිය බදාදා (මාර්තු මස 20) දින 56 පාබල සේනාංක පරිශ්‍රයේදී සිදු කරන ලදී.
25th March 2024 15:10:37 පැය
17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ‘අභියෝග හමුවේ ජයගමු ළමා ලෝකය’ යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වවුනියාව, සිරිසුමන විද්‍යාලයේ දී පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින සංවිධානය කරන ලදී.
25th March 2024 15:00:31 පැය
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත මන්නාරම දූපතෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා එන්නත් කිරීමේ වැඩසටහනක් 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සහ 4 විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයන්හිදී මාර්තු මස 12 දින සිට 14 දින දක්වා පවත්වන ලදී.
22nd March 2024 14:18:22 පැය
1 ශ්‍රී ලංකා පුරෝගාමී බලකාය විසින් පාසල් අධ්‍යාපය ලබන ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වලල්ලාවිට - මගුරුමස්විල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් ලාභී පවුල් වල ළමුන් 150 දෙනෙකු සදහා පාසල් බෑග් ප්රදානය කිරීමේ වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය බදාද (මාර්තු මස 13) දින පැවැත්වූහ.
21st March 2024 13:12:25 පැය
යුද්ධ හමුදාධිපතිතුන්ගේ උපදෙස් මත දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත සිසුසිසුවියන් අධ්‍යාපනය ලබන වෙල්ලස්ස, ‘සුභග්යා’ විද්‍යාලයීය පරිශ්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් එහි ආරක්ෂාව තර කිරීමේ අරමුණින් 121 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
21st March 2024 13:10:16 පැය
112 පාබල බලසේනාවේ භටපිරිස් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් විදුලිය නොමැති පවුල් වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි පහන් 5 බැගින් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 10 දින එම බලසේනා පරිශ්‍රයේදී පැවැත්වූහ.
19th March 2024 17:56:55 පැය
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ එම අධ්යක්ෂ මණ්ඩලයේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 16 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් පවත්වන ලදී.