12th April 2024 16:48:25 පැය
582 පාබල බලසේනාව වෙතින් විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 83 දෙනෙකු වෙනුවෙන් 2024 අප්‍රේල් මස 08 දින හොරණ ‘සුඛිත ආබාධිත ළමා නිවාසයේදී’ සංගීත වැඩසටහනක් පැවැත්වීය.
12th April 2024 16:44:37 පැය
2024 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් 2024 අප්‍රේල් මස 10 දින යාපනය ප්‍රදේශයේ පිහිටි දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය. ඒ සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ.
12th April 2024 16:38:40 පැය
22 පාබල සේනාංකය වෙතින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් එම සේනාංක ක්‍රීඩාපිටියේදී 2024 අප්‍රේල් මස 05 සිට 09 දින දක්වා කාලය තුළ දැල්පන්දු පුහුණු සැසියක් පැවැත්වීය.
12th April 2024 16:34:43 පැය
15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 2024 අප්‍රේල් මස 07 දින මොල්ලිපොතාන හමීඩියා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ඉෆ්තාර් උත්සවයක් පැවැත්වීය.
11th April 2024 19:14:03 පැය
561 පාබල බලසේනාව වෙතින් 2024 අප්‍රේල් මස 09 දින බහුවිධ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත එම බලසේනාව වෙතින් කනගරායන්කුලම්හි පාසලක් වන පෙරියකුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල පිරිසිදු කිරීමේ වැඩසටහනක්, ජල මාර්ග අලුත්වැඩියාවක් සහ එම පාසලේ සිසු සිසුවියන් 30 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් පැවැත්වීය.
11th April 2024 18:39:17 පැය
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ අධීක්ෂණය මත එම සේනාංකය වෙතින් 2024 අප්‍රේල් මස 08 දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිම අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
11th April 2024 18:37:52 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අප්‍රේල් මස 08 දින පැවති රාමසාන් උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍ර ඉටුකිරීමේ උත්සවයක් සඳහා සහභාගී විය.
11th April 2024 14:53:09 පැය
5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින්
11th April 2024 14:51:16 පැය
ආරක්ෂක සේනා මුලස්ථාන - නැගෙනහිර යටතේ සේවයේ
11th April 2024 14:49:10 පැය
යල කන්නයේ වී අස්වැද්දීමේ උත්සවය සාම්ප්‍රදායික හා ආගමික වතාවත් මධ්‍යයේ 2024 අප්‍රේල් මස 09 දින 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී, කුඹුරු අක්කර හයක කුඹුරු යායක් තුළ බීජ වපුරවනු ලැබීය.