21st March 2024 13:10:16 Hours
112 පාබල බලසේනාවේ භටපිරිස් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් විදුලිය නොමැති පවුල් වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි පහන් 5 බැගින් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 10 දින එම බලසේනා පරිශ්‍රයේදී පැවැත්වූහ.
‘අදුරෙන් එළියට’ විදුලි කෝෂ පරිත්‍යාග කිරිමේ වැඩසටහන යටතේ 112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ.ගේ හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූ අතර, මෙම පරිත්‍යාගයන් සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි ධානපතියන් පිරිසක් විසින් මුල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.