11th April 2024 14:47:17 පැය
12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර්
11th April 2024 14:45:11 පැය
‘දෙවන පොල් ත්‍රිකෝණය උතුරට’ සංකල්පයට සමගාමීව 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.ජේ. ප්‍රේමතිලක ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 08 දින පොල් පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. දේශීය පරිසරය නංවාලීමේ තිරසාර ප්රයත්නයක් වශයෙන් වීරබාහු ඥානප්‍රකාශ් මහතාට අයත් අක්කර 2 ක ඉඩමක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
10th April 2024 12:00:59 පැය
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුමට සමගාමීව 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 08 දින ‘පීටර් වීරසේකර’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 35 දෙනෙකු වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
09th April 2024 13:15:41 පැය
5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මුලිකත්වයෙන් කන්තලේ රෝහල සහ ත්‍රිකුණාමලය ලේ බැංකුවේ සහය ඇතිව රුධිර පරිත්‍යාග වැඩසටහනක් 2024 මාර්තු මස 31 දින වේළුන්න රජ මහා විහාරයේදී පැවැත් වූහ.
08th April 2024 11:35:06 පැය
ත්‍රිකුණාමල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 04 දින මුල්ගල තැබිණි.
08th April 2024 10:15:54 පැය
වැලිවේරිය ලංකා ස්ටීල් සමාගමේ (Steel Company) 2024 අප්‍රේල් මස 05 දින සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සහ දේපළවලට සිදුවිය හැකිව තිබූ විශාල හානියක් කඩනමින් ක්‍රියාත්මක වී වැළැක්වීමට 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රතිචාර රෙජිමේන්තුව සමත්වූහ.
07th April 2024 13:54:50 පැය
යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2024 අප්‍රේල් මස 05 දින පුනරීන් ප්‍රදේශයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි. ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් හා 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත පූනරින් පොලිස් ස්ථානය, පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්ව 552 පාබල බලසේනාව වෙතින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.
07th April 2024 13:52:21 පැය
මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් දෙදෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 5 දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේදී පැවැත්විණි.
07th April 2024 13:50:04 පැය
මාලිගාතැන්න, කිරලගොල්ල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 06 දින මුල්ගල තැබිණි.
06th April 2024 15:44:34 පැය
11 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලද අතර, එම නිවස විවෘත කිරීමේ උත්සවය 2024 අප්‍රේල් මස 02 දින පවත්වන ලදී.