Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2024 15:29:27 Hours

64 පාබල සේනාංකයේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් ළමා උද්‍යානය ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 64 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව ප්‍රතිසංස්කරණය කරන ලද ඔඩ්ඩුසුඩාන් ළමා උද්‍යානය පසුගිය ‍සෙනසුරාදා (මාර්තු මස 16) දින පැවති උත්සවයකදී නිල වශයෙන් මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී.

විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්. එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී සහභාගී විය. 641 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.බී.එල් කොලොන්න යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ 8 මධ්‍යම කාලතුවක්කු රෙජිමේන්තුව සහ ඔඩ්ඩුසුඩාන්, ආරක්‍ෂක සේවා ඉන්ජිනේරු කාර්යාලයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව පෙර පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් උපකරණ බෙදාදීමක්ද සිදු කරන ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ.