Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2024 13:12:25 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් වෙල්ලස්ස දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත පාසලේ යටිතල පහසුකම් අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක්

යුද්ධ හමුදාධිපතිතුන්ගේ උපදෙස් මත දෘශ්‍යාබාධිත සහ ශ්‍රවණාබාධිත සිසුසිසුවියන් අධ්‍යාපනය ලබන වෙල්ලස්ස, ‘සුභග්‍යා’ විද්‍යාලයීය පරිශ්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් එහි ආරක්ෂාව තර කිරීමේ අරමුණින් 121 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 121 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත පාසලේ ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම සඳහා සහ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීමට ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි මේජර් අනුර විජේවික්‍රම (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් මුල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2024 මාර්තු මස 15 දින සාර්ථකව අවසන් කර පාසල් සිසුසිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන ලදී.