25th March 2024 15:00:31 Hours
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත මන්නාරම දූපතෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා එන්නත් කිරීමේ වැඩසටහනක් 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සහ 4 විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයන්හිදී මාර්තු මස 12 දින සිට 14 දින දක්වා පවත්වන ලදී.
මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවන්හි වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහනේදී වීදි සුනඛයන් සහ සුරතල් සතුන් 253 දෙනෙකු එන්නත්කරන ලදී.