12th March 2024 13:17:45 පැය
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කනගරායකුලම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා 561 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 07 දින 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන් අතර, ඔවුන් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක් ද පවත්වන ලදී.
12th March 2024 13:06:09 පැය
641 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් මුතියන්කඩ්ඩුකුලම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් එම පාසල් සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ සහයෝගය ද ඇතිව පසුගිය සිකුරාදා (මාර්තු මස 08) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
11th March 2024 18:52:00 පැය
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 08 ) දින කිලිනොච්චිය රෝහලේදී ගැබිණි මව්වරුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් 30 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
11th March 2024 18:47:22 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් විශේෂ කාන්තා දින වැඩසටහනක් පසුගිය සිකුරාදා (මාර්තු මස 08) දින 51 පාබල සේනාංකයේදී සංවිධානය කරන ලදී.
11th March 2024 18:42:14 පැය
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනා පරිශ්‍රයේදී ප්‍රදේශයේ ජනතාවගේ සහ භටපිරිස්හි ප්‍රයෝජනය සඳහා ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් පසුගිය බදාදා (මාර්තු මස 06) දින විවෘත කරන ලදී.
11th March 2024 11:25:47 පැය
112 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් හල්දුම්මුල්ල, දමිළ පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් අතරින් අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සිව්දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 10 දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට 112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී සහභාගී විය.
10th March 2024 11:00:26 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් ‘Blisful Minds’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත මදුරංගල ප්‍රාථමික විද්‍යාලයේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 47 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 06 දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
10th March 2024 10:50:05 පැය
22 පාබල සේනාංකය සහ ඒ යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 මාර්තු මස 03 ඉරිදා දින තමින්ද ප්‍රියදර්ශන මහතා ප්රමුඛ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත දහම් පාසල් සිසු සිසුවියන් 350 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
10th March 2024 10:36:22 පැය
නුමුණුකුල මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2024 මාර්තු මස 07 දින පැවති අතර එහි මැරතන් ධාවන ඉසව්ව සාර්ථකව පැවැත්වීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.
10th March 2024 10:25:50 පැය
121 පාබල බලසේනාවේ සහ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කතරගම - බුත්තල ප්‍රධාන මාර්ගයේ සෙල්ලකතරගම සිට ගෝනගංආර ප්‍රදේශය දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2024 මාර්තු මස 05 දින ක්‍රියාත්මක කරන ලදී.