02nd April 2024 14:40:46 පැය
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මීවිටිගම්මන ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 28) දින මුල්ගල තැබිණි.
02nd April 2024 14:35:02 පැය
5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 24 දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුගත බෞද්ධ විහාරස්ථාන පරිශ්‍රයේදී ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
01st April 2024 18:45:06 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ දමිළ සිසු දරු දැරියන්ගේ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් ‘භාෂාවෙන් සංහිඳියාව’ යන මැයෙන් වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 30) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පවත්වන ලදී.
28th March 2024 13:51:08 පැය
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය.
28th March 2024 13:41:50 පැය
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 20 දින සියඹලාපිටිය ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීය. 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්.පී.එස්.ආර්. මාරසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එල්එස්සී ගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
28th March 2024 13:38:55 පැය
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව හපුතලේ ප්‍රදේශයේ අධ්‍යාපන කලාපයේ වෙසෙන දරු දැරියන්ගේ ආකල්ප සහ ගුණාංග වැඩිදියුණු කිරීමේ අරමුණින් 2024 මාර්තු මස 26 දින වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
27th March 2024 19:10:35 පැය
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලකායේ භටපිරිස් විසින් ලක්ෂපාන ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල තැබීම 2024 මාර්තු මස 19 දින සිදුකරනු ලැබීය.
26th March 2024 10:48:20 පැය
59 පාබල සේනාංකය ‘Mas Holdings (Pvt) Ltd’ ආයතනය සමඟින් එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් සඳහා නව රැකියා අවස්ථා ලබාදීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයන් සිදුකිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 16) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
25th March 2024 15:46:12 පැය
11 ගැමුණු හේවා බලකාය විසින් අක්ෂි ආබාධ සහිත නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක් එම ඒකකයට අයත් ‘බී’ කණ්ඩායම් කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින පවත්වන ලදී.
25th March 2024 15:46:00 පැය
24 පාබල සේනාංක මූලස්ථානය මගින් අම්පාර, කාවන්තිස්ස විද්‍යාලයේ පාසල් ළමුන් 65 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 14) දින ක්‍රියාත්මක කරන ලදී.