03rd March 2024 17:17:00 පැය
5 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (මාර්තු මස 02) දින වැල්ලවාය, වරුණගම කන්දේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
03rd March 2024 17:11:22 පැය
3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 12(ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පෙබරවාරි 20 දින සිට 22 දින දක්වා මාතර දිස්ත්‍රික්කයේ ලයචිකිත්සකාගාර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන ලදී.
03rd March 2024 17:08:32 පැය
8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්, කොළඹ සහ ගම්පහ ගිනි නිවන ඒකකයන් සමඟින් එක්ව පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ‘BSP Mendis and Company (Pvt) Ltd ආයතනයට අයත් කඩුවෙල ප්‍රදේශයේ ස්ථාපිත ‘Gragin Pipeline’ අංගනයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට කඩිනමින් කටයුතු කරනු ලැබීය.
29th February 2024 12:50:29 පැය
54 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 541 පාබල බලසේනාව හා පෙරියමඩු එකමුතු තරුණ සංවර්ධන සංගමය එක්ව 2024 පෙබරවාරි මස 23, 24 සහ 25 යන දිනයන්හිදී පෙරියමඩු බටහිර ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය.
28th February 2024 16:16:41 පැය
9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සී.ඩී.පී ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සම්බන්ධීකරණයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය, මහවැලිගම ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට ඇතුලත් වන ළමුන් 90 දෙනෙකු වෙනුවෙන් ‘සිසු උදාන’ ඉතුරුම් ගිණුම් සහ පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 22) දින සංවිධානය කරන ලදී.
28th February 2024 16:15:46 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සෙල්ලකතරගම ප්‍රදේශයේ දැඩි ආරථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි මස 24) දින ආරම්භ කරන ලදී.
28th February 2024 16:15:46 පැය
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත, 2(ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා ඉකුත් ඉරිදා (පෙබරවාරි මස 25) දින මුල්ගල් තැබිණි.
28th February 2024 11:08:58 පැය
නුවර එළිය, ශාන්තිපුර ‘Our Lady of Perpetual Help’ දේවස්ථානයේ බලධාරීන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 3( ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් එච්.ජේ සමරනායක ආර්එස්පී ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් එම දේවස්ථානය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ඉකුත් සඳුදා (පෙබරවාරි මස 26) දින සංවිධානය කරන ලදී.
27th February 2024 18:26:52 පැය
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් පී.එස්.ආර්. පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 23 සහ 24 දෙදින තුළ ශ්‍රී පාදස්ථානයේ සීත ගඟුල පෙදෙසෙහි සව් දන්සැලක් පවත්වන ලදී.
27th February 2024 17:58:34 පැය
අම්පාර දිස්ත්‍රික්කයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම වෙනුවෙන් 24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 18 දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ධමන මහා විද්‍යාලය, දීඝවාපිය සිංහල විද්‍යාලය, මල්වත්ත පුදුනගර් දමිළ ප්‍රාථමික විද්‍යාලය සහ මහඔය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 500 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි.