25th March 2024 15:44:52 Hours
221 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය, සාගරපුර සිංහල විද්‍යාලයේ සහ පුල්මුඩේ ‘හැපි කිඩ්ස්’ පෙර පාසලේ ළමුන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින පවත්වනු ලැබීය.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 221 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.කේ.ඒ.ආර්.පී. රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ‘චෙස්නට්’ අධ්‍යාපන ආයතනයේ ප්‍රධානී ආචාර්ය නදිත් කෞෂල්‍ය මහතා විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.
යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.