Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2024 15:10:37 Hours

17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්

17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ‘අභියෝග හමුවේ ජයගමු ළමා ලෝකය’ යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වවුනියාව, සිරිසුමන විද්‍යාලයේ දී පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින සංවිධානය කරන ලදී.

වැඩසටහන අතරතුරදී, උතුරු මැද පළාත් ජාතික අන්තාරාදායක මත්ද්‍රව්‍ය පාලන කමිටුවෙහි (NDDCB) නිලධාරිනි, දේශක, මනෝ විද්‍යා උපදේශක එච් එම් ටී කේ සෙනෙවිරත්න මහත්මිය මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එස්.ජේ තෙන්නකෝන් ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී. වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගි වූහ.