Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2024 15:28:26 Hours

කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි

I‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කෘෂිකර්මාන්තයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ‘මී’ පැල බෙදා දීමේ වැඩසටහනක් පසුගිය බදාදා (මාර්තු මස 20) දින 56 පාබල සේනාංක පරිශ්‍රයේදී සිදු කරන ලදී.

Iපැල බෙදා දීමේ වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. එහිදී එතුමන් ගොවීන් සමඟින් ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වලදී මුහුණ දෙන අභියෝග, දුෂ්කරථා පිළිබඳවත්, ඒවා මඟහරවා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය.

Iමෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වූහ.