22nd March 2024 14:18:22 Hours
1 ශ්‍රී ලංකා පුරෝගාමී බලකාය විසින් පාසල් අධ්‍යාපය ලබන ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වලල්ලාවිට - මගුරුමස්විල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් ලාභී පවුල් වල ළමුන් 150 දෙනෙකු සදහා පාසල් බෑග් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය බදාද (මාර්තු මස 13) දින පැවැත්වූහ.
දානපති උමේෂ් ගුණසේකර සහ ප්‍රසාද් ලොකුබාලසූරිය යන මහත්වරුන් හා ‘අත හිත’ පුණ්‍ය සංවිධානය මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.