19th March 2024 17:31:56 පැය
12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් මඩකලපුව/කල්කුඩා පෙරියවඩ්ඩුවාන් කන්නගි පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේද සහභාගීත්වයෙන් 2024 මාර්තු මස 15 දින පවත්වන ලදී.
18th March 2024 14:37:08 පැය
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත, එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 15) දින යෞවන කුමාරපුර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙෙළන පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 54 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
18th March 2024 13:54:07 පැය
පෑලියගොඩ, ශ්‍රී ජයතිලකාරාම විහාරාධිපති ගැටබෙරිකන්දේ රතනසිරි නායක හිමියන්ගේ ආරාධනයෙන් අභිනවයෙන් ඉදිකිරීමට නියමිත ශ්‍රී ජයතිලකාරාම විහාරයේ ආරාම ගොඩනැගිල්ල සඳහා (අවාස කුටිය) මුල්ගල තැබීම, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවපී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් 2024 මාර්තු මස 07 දින සිදුකෙරිණි.
17th March 2024 13:20:09 පැය
පලිනගර් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් 2024 මාර්තු මස 14 දින 10 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.
15th March 2024 14:10:11 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හී මූලිකත්වයෙන් රුපියල් මිලියන 1.2 කට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 13 දින කොක්කඩිචෝලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
15th March 2024 09:14:08 පැය
නාවට්කුලි පිහිටි 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් ලක්දරු පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා 2024 මාර්තු මස 12 දින දිවා ආහාර වේලක් පිරිනමනු ලැබීය.
14th March 2024 16:18:55 පැය
මොණරාගල, මාරගලකන්ද රක්ෂිතයේ 2024 මාර්තු මස 11 දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා 18 ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
14th March 2024 16:14:02 පැය
උඩවලව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙක් සහ සෙසුනිලයන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2024 මාර්තු මස 12 දින ඇඹිලිපිටිය, වවුල්පනේ රක්ෂිතයේ හටගත් ලැව්ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.
14th March 2024 15:50:50 පැය
බෝගස්වැව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ආරාධනයකට අනුව 2024 මාර්තු මස 07 දින පැවති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගී විය.
12th March 2024 17:09:44 පැය
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මන්දාරම්නුවර ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 මාර්තු මස 09 දින මුල්ගල් තැබීය.