14th June 2024 08:09:37 පැය
56 පාබල සේනාංකය
13th June 2024 16:49:49 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මූලිකත්වයෙන් එම මූලස්ථාන බලප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ප්‍රදේශවාසීන් වෙත ස්ථීර ආදායම් මාර්ගයක් ලබාදීමේ අරමුණින් කුරුඳු පැළ 16,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
13th June 2024 08:39:03 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්
13th June 2024 08:32:27 පැය
ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම පාබල බලසේනාවේ භටපිරිස් විසින් ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. කඩවත ශ්‍රී ලංකා වෘත්තීය හා තෘතීයික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය ඒ.අයි.ඒ රංගන මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්හ.
12th June 2024 22:00:18 පැය
222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස්. තිලකරත්න ගේ මගපෙන්වීම යටතේ 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 03 සහ 04 යන දිනයන් හි වෑකන්ද රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරනු ලැබීය.
11th June 2024 21:15:19 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක නිලධාරීන් සමඟින් 2024 ජුනි මස 03 දින එම සේනාංක මූලස්ථානයේදී සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදී.
11th June 2024 21:12:09 පැය
පසුගිය දා අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භට පිරිස් විසින් 2024 ජුනි මස 09 දින ගල්පාත සුඛිත ආබාධිත බාලිකා නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරණු ලැබීය.
11th June 2024 21:10:14 පැය
දීප ව්‍යාප්තව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් 2024 මැයි මස 27 සිට 2024 ජුනි මස 01 දින දක්වා පවත්වන ලද අතර, ඊට සමඟාමීව 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කලුවංචිකුඩි ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.
10th June 2024 17:42:42 පැය
75 වන යුද්ධ හමුදා දින සැමරුමට සමගාමීව 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කෝචිතෝට්ටම්, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
10th June 2024 17:35:14 පැය
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 මැයි මස 31 දින අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත අම්පාර ධම්මරත සිංහල විද්‍යාලය වෙත අලුත්වැඩියා කරන ලද සංගීත භාණ්ඩ පරිත්‍යාග කරනු ලැබීය.