10th June 2024 17:42:42 Hours
75 වන යුද්ධ හමුදා දින සැමරුමට සමගාමීව 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කෝචිතෝට්ටම්, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් හා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.
නව නිවස විවෘත කිරීමේ උත්සවය 2024 ජුනි මස 05 දින පැවති අතර එහිදී, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ සුරතින් නිවාසලාභියා වෙත නව නිවසේ යතුරු ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.