26th June 2024 21:49:39 පැය
වවුනතිව් - කන්නකුඩා ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන පී. වසන්තන් මහතා 2024 ජුනි මස 19 දින අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු 2024 ජුනි මස 20 දින කන්නකුඩා ප්‍රදේශයේදී සිදුකරන ලදී.
26th June 2024 21:48:53 පැය
පොසොන් පොහොය වෙනුවෙන් පවත්වනු ලැබූ මන්නාරම පොසොන් සාම කලාපය තල්අඩි හන්දිය අසලදී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2024 ජුනි මස 21 දින සිට 23 දින දක්වා පැවැත්වීය.
26th June 2024 21:43:06 පැය
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කනගරායන්කුලම් විහාරස්ථාන පරිශ්‍රයේ දී 2024 ජුනි මස 21 සහ 22 යන දිනයන්හිදී පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී.
26th June 2024 21:36:55 පැය
පොසොන් පොහෝ දිනය වෙනුවෙන් 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් නීත්ත ශෛලතලාරාම විහාරස්ථානයේ දී බෝධි පූජා පිංකමක් පවත්වන ලද අතර, එම පිංකමට සමගාමීව ඒකක මූලස්ථානය ඉදිරිපිට පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනයක් සහ කොත්තමල්ලි බීම දන්සැලක් ද පැවැත්වූහ.
25th June 2024 23:09:26 පැය
පොසොන් දිනය සහ මහින්දාගමනයේ වැදගත්කම සංකේතවත් කරමින් විවිධ ජන කොටස් එකමුතුව කටයුතු කිරීම සංකේතවත් කරමින් දිසාපති කාර්යාලය, රාජ්‍ය නිලධාරීන්, හමුදා සාමාජිකයින්, අනෙකුත් සන්නද්ධ සේවා සහ පොලිසිය එක්ව අම්පාර නගරයේ සංවිධානය කරන ලද නැගෙනහිර පොසොන් කලාපය මගින් ඓතිහාසික මහින්දාගමනය පිලිබිඹු කරනු ලැබීය.
25th June 2024 23:04:53 පැය
පොසොන් පොහෝ දිනය වෙනුවෙන් 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින කරුවලගස්වැව ගල්ලෙන් විහාරස්ථානයේදී කිරිබත් දන්සැලක් පවත්වන ලදී. මෙම දන්සැල සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
25th June 2024 18:43:42 පැය
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් 611 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.ඩී.එල්.එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින ‘මඤ්ඤොක්කා දන්සැලක්’ පවත්වන ලද අතර, ඒ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
25th June 2024 08:10:20 පැය
පොසොන් පොහොය දිනයට සමගාමීව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ 2024 ජුනි මස 21 දින එම සේනාංකයේ භටපිරිස් විසින් ධර්ම දේශනා වැඩසටහනක් සංවිධානය කරන ලදී.
25th June 2024 08:05:02 පැය
පොසොන් උත්සවයට සමගාමීව 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ භටපිරිස් විසින් සෙල්ලකතරගම, ගෝතමීගම ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ජල අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරදුන් ළිඳක් එම ප්‍රථිලාභීන් වෙත පසුගියදා භාරදෙන ලදී.
25th June 2024 07:58:40 පැය
සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ දී ශ්‍රමදාන වැඩසටනක් ක්‍රියාත්මක කරණ ලදී.