25th June 2024 07:54:13 පැය
පොසොන් පොහොය දිනට සමගාමීව බුද්ධංගල විහාරස්ථානය මගින් එම විහාරස්ථාන පරිශ්‍රයේදී ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් 2024 ජුනි මස 21 සිට 23 දින දක්වා සංවිධානය කරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ මෙම උත්සවය පවත්වන ලදී.
25th June 2024 07:53:30 පැය
පොසොන් පොහොය වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් ගේ අධීක්ෂණය යටතේ 4 ගැමුණු හේවා බලකාය විසින් ජුනි 21 දින උන්නච්චිය වැව පරිශ්‍රයේදී බත් දන්සැලක් සංවිධානය කරන ලදී.
25th June 2024 07:49:09 පැය
තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ 124 වන පොසොන් මහා පෙරහැර සහ පොසොන් උත්සවය 2024 ජුනි මස 15 දින සිට 22 දින දක්වා තිස්සමහාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
24th June 2024 22:18:05 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් පොසොන් පොහොය දිනය යෙදී තිබූ ජුනි මස 21 දින වැලිකන්ද නගරයේදී කොස්, කඩල සහ මඤ්ඤොක්කා දන්සලක් පවත්වනු ලැබීය.
24th June 2024 22:10:33 පැය
ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය ලබා දුන්හ. 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත සිදුකෙරුණු මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අක්කරෙයිපත්තුව වෙළද සංගමයේ සභාපති ඒ අබ්දුල් සලාම් මහතා මුල්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්හ.
24th June 2024 22:03:47 පැය
පොසොන් පොහොය දිනයට සමගාමීව, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින කෙසෙල්තුඩුව කඳවුර අසල දන්සැලක් (බනිස් සහ තේ) සංවිධානය කරන ලදී. මෙම දන්සැලට විශාල පිරිසක් සහභාගි වූහ.
22nd June 2024 15:20:34 පැය
නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ සංඝාවාසය සහ දානශාලාව සඟසතු කිරීමේ උත්සවය 2024 ජුනි මස 20 දින පැවැත්විය. මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
22nd June 2024 15:12:06 පැය
පොසොන් පොහෝ දිනට සමගාමීව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 ජුනි මස 17 දින බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පිහිටි වැඩිහිටිනිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
20th June 2024 15:11:08 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත 19 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරී මේජර් බී.ඒ.කේ.අයි.කේ. බෝගොඩ ආර්ඩබ්ලිව්පී යූඑස්පී මූලිකත්වයෙන් නිවසක් ඉදිකිරිම ආරම්භ කරන ලදී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා වැව ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් 19 ශ්‍රී ලංකා පාබල හමුදාවේ තාක්ෂණය සහ ශ්‍රමදායකත්වය මත මෙම නිවසය ඉදිකිරිම ආරම්භ කරන ලදී.
20th June 2024 15:10:43 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පීගේ මඟපෙන්වීම යටතේ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.වී.පී. හේරත් විසින් 2024 ජුනි මස 18 දින දිවා භෝජන සංග්‍රහයක් පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ලදී. පොසොන් පුර පසළොස්වක පොහොය දිනට සමගාමීව මුරුථාන ශ්‍රී මුරුගන් විද්‍යාල පරිශ්‍රයේදී මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරෙණි.