13th June 2024 16:49:49 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මූලිකත්වයෙන් එම මූලස්ථාන බලප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ප්‍රදේශවාසීන් වෙත ස්ථීර ආදායම් මාර්ගයක් ලබාදීමේ අරමුණින් කුරුඳු පැළ 16,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
මෙහි සමාරම්භක උත්සවය, 2024 ජුනි මස 11 දින වවුනියාව, සැළලිහිණිගම සහ නාමල්ගම ප්‍රදේශයන්හිදී පැවති අතර, එම අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහභාගි විය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ජීවනෝපාය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. ප්‍රදේශයේ ගොවීන්ගේ ඉල්ලීම පරිදි ඉදිරියටත් ගොවීන්ට අවශ්‍ය පරිදි කුරුඳු පැළ බෙදාදීමට සැලසුම් කර ඇත.
මෙම උත්සව අවස්ථාවන් සඳහා 21 සහ 56 පාබල සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, 211 සහ 563 පාබල බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 11 ගැමුණු හේවා බලකාය සහ 9 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, වවුනියාව දකුණ කුරුඳු වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති, සෙසුනිලයන් සහ නාමල්ගම හා සැළලිහිණිගම ප්‍රදේශයන්හී වෙසෙන ප්‍රතිලාභීන් සහභාගී වූහ.