13th June 2024 08:39:03 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ජුනි මස 05 දින කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් එම සම්මේලන කාරක සභාවේ ලේකම් එම්.එම්.එම්. ඉල්හාම් ෆලාහි මවුලවිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, කාරක සභාවේ ලේකම් විසින් එම කාරක සභාව සහ කාත්තන්කුඩි ප්‍රදේශවාසීන්ගේ යහපැවැත්ම උදෙසා එම සම්මේලනය වෙතින් ඉටුකරනු ලබන කාර්යභාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකරන ලදී. එම ප්‍රදේශයේ පවතින ප්‍රධාන ගැටලුව වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නිතී විරෝධී කටයුතු පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම මුස්ලිම් කමිටුවේ සාමාජිකයන් සමඟින් සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව එම මුස්ලිම් කමිටුව වෙතින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. පසුව, සේනාංකාධිපතිතුමන් එම කමිටුවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ එම සම්මේලනයේ නිලධාරීන් හා සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.