29th June 2024 22:24:43 පැය
211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන් කදනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් වැලිඔය, 211 පාබල බලසේනා මූලස්ථානයේදී 2024 ජුනි මස 25 දින බත් දන්සැලක් පවත්වන ලදී.
29th June 2024 10:50:42 පැය
පොසොන් පොහොය දිනට සමගාමීව අක්කරෙයිපත්තු, ශ්‍රී විජයාරාම විහාරස්ථානය විසින් 2024 ජුනි මස 22 දින මිහිඳු පෙරහැරක් සංවිධානය කරන ලද අතර, ඒ වෙනුවෙන් 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් විසින් බනිස්, කෙසෙල් සහ සිසිල් බීම ලබා දීමේ දන්සැලක් එම විහාරස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. ඒ සඳහා අක්කරෙපත්තුව වෙළෙඳ සංගමයේ සභාපති ඒ.අබ්දුල් සලාම් මහතා අනුග්‍රාහකත්වය දැක්වීය.
28th June 2024 18:27:34 පැය
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම සේනාංක බල ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 32 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ එම පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2024 ජුනි මස 23 දින ඔඩ්ඩුසුඩාන්, 64 පාබල සේනාංකය පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
28th June 2024 08:52:25 පැය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය යෝධකණ්ඩියේ ආරියවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පිණ්ඩපාත චාරිකාවක් 2024 ජුනි මස 20 දින සංවිධානය කරන ලදී.
28th June 2024 08:50:58 පැය
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින 55 පාබල සේනාංක මූලස්ථානය ඉදිරිපිට බත් දන්සැලක් සංවිධානය කරන ලදී.
27th June 2024 00:28:32 පැය
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන් ගුණරත්න ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් කිරිවත්තුඩුව දොළහේන ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් 2024 ජුනි මස 17 දින පවත්වන ලදී.
27th June 2024 00:25:49 පැය
පොසොන් උත්සවය නිමිත්තෙන් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.එම්.බී යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 21 දින සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පොල් රොටි දන්සැලක් සංවිධානය කරන ලදී.
27th June 2024 00:18:48 පැය
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය නාගදීපය රජමහා විහාරස්ථානයේදී 2024 ජූනි මස 22 දින පැවැත්වුණු අතර, අනතුරුව 2024 ජූනි මස 23 දින යාපනය වාලම්පුරි හෝටලයේදී ලෝක බෞද්ධ එකමුතුවේ 5 වන මහා සමුළුව පැවැත්විණි.
27th June 2024 00:03:08 පැය
18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 90 දෙනෙකු, කල්මුණේ මූලික රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 35 දෙනෙකු සහ ‘ලයිකා ඥානම්’ පදනමේ ස්වේච්ඡා සේවකයන් 35 දෙනෙකු එක්ව කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය.
26th June 2024 21:51:08 පැය
මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් සඳහා නිල ලාංඡන පැලදවීමේ උත්සවයක් 2024 ජූනි මස 25 දින පවත්වන ලද අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.