10th June 2024 17:35:14 Hours
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 මැයි මස 31 දින අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත අම්පාර ධම්මරත සිංහල විද්‍යාලය වෙත අලුත්වැඩියා කරන ලද සංගීත භාණ්ඩ පරිත්‍යාග කරනු ලැබීය.
එම විද්‍යාලයේ නාට්‍ය අංශය වෙතින් භාවිතා කරනු ලැබූ මෙම සංගීත භාණ්ඩ දීර්ඝකාලීනව භාවිතා කර ඇති අතර භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවතිණි. එම විද්‍යාලීය විදුහල්පතිවරයාගේ ඉල්ලීමකට අනුව 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මාතර ශ්‍රී මධුර සංගීත භාණ්ඩ නිෂ්පාදන ආයතනයේ සහයෝගය මත එම සංගීත භාණ්ඩ අලුත්වැඩියා කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.