Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2024 21:10:14 Hours

11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව කලුවංචිකුඩි ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වයි

දීප ව්‍යාප්තව විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් 2024 මැයි මස 27 සිට 2024 ජුනි මස 01 දින දක්වා පවත්වන ලද අතර, ඊට සමඟාමීව 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කලුවංචිකුඩි ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් 2024 මැයි මස 30 සිට 2024 ජුනි මස 01 දක්වා මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කළේය.