08th June 2024 22:28:51 පැය
51 පාබල සේනාංක විසින් ඉදිකළ 'CIMIC උද්‍යානය' ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර්
08th June 2024 22:21:57 පැය
582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර්
07th June 2024 13:21:43 පැය
අයහපත් කාලගුණික තත්ත්වය
06th June 2024 15:20:07 පැය
56 පාබල සේනාංකය විසින් පන්ද්රි කේතකුලම් පාසල් පරිශ්‍රයේදී 2024 ජූනි මස 02 දින අක්ෂි සායනයක් පැවැත්වීය. මෙම වැඩසටහනේ පළමු අදියරේදී අක්ෂි පරීක්ෂාවට භාජනය කළ පුද්ගලයින් 366 දෙනෙකු වෙත ප්‍රතිකාර ලබාදුන් දුන් අතර, ඉන් 138 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි ද පරිත්‍යාග කරනු ලැබීය. තවත් රෝගීන් 45 දෙනෙකු අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම් සඳහා යොමුකරන ලදී. අක්ෂි සායනය සඳහා සහභාගී වූ පුද්ගලයින් වෙනුවෙන් භටපිරිස් විසින් ආහාරපාන ද පිරිනැමූහ.
06th June 2024 15:17:14 පැය
2024 ජූනි මස 05 දිනට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව 2024 ජූනි 03 දින මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර හිතකාමී වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, පල්ලෙකැලේ කාර්මික ජනපදයේ පිහිටි ත්‍රිත්ව විද්‍යාල ගොවිපළ පරිශ්‍රයේ සිට මහවැලි ගඟේ වම් ඉවුර දක්වා කිලෝ මීටර් 2 ක ප්‍රදේශයක් ආවරණය කරමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
06th June 2024 15:12:45 පැය
23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් 2024 මැයි මස 29 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
05th June 2024 15:23:16 පැය
මාතර දිස්ත්‍රික්කයේ කද්දුව, වැල්ලතොට සහ දොලේගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් 61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 03 දින බෝට්ටු යොදාගනිමින් මෙහෙයුමක් සිදු කරන ලදී.
05th June 2024 15:17:44 පැය
නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2014 ජුනි මස 04 දින අතුරලිය, අමලගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ගබඩා කර තිබූ අවුරුදු 1 සිට 3 දක්වා ළඳරුවන්ට ලබාදෙන රුපියල් මිලියන 4.5ක් වටිනා ප්‍රතිශක්තිකරණ එන්නත් තොගයක් සුරක්ෂිතව ගෙන ගොස් සෞඛ්‍ය අංශ වෙත භාරදෙන ලදී.
04th June 2024 18:13:23 පැය
අයහපත් කාලගුණයත් සමඟ 2024 ජුනි මස 03 දින ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් හා 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ගේ අධීක්ෂණය මත 6 ක්ෂේත්‍ර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මුදවාගැනීමේ සහ සහන සේවා සැපයීමේ මෙහෙයුම් දියත් කළහ.
04th June 2024 18:10:59 පැය
අධික වර්ෂාපතනයත් සමඟ නවගත්තේගම, ඔලුක්කුලිය ජලාශය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ජලාශයේ ඉවුර කැඩීයාමේ අවධානම වළක්වාලමින් 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු 70 දෙනෙකුට අධික භටපිරිස් ප්රමාණයකගේ සහභාගීත්වයෙන් වැලිකොට්ට ඇතිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.