14th June 2024 08:09:37 Hours
56 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ජුනි මස 09 දින වවුනියාව, කාකියන්කුලම් මුස්ලිම් මහා විද්‍යාල පරිශ්‍රයේදී දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් අක්‍ෂි වෛද්‍ය සායන කඳවුරක් පැවැත්වීය.
පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ සහකාර ලේකම් ආචාර්ය වේලායුදම් සර්වේස්වරන් ගේ අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ පැවැත්විණි.
මෙම සායනයේ පළමු අදියර යටතේ අක්‍ෂි පරීක්‍ෂාව සිදුකර ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා පුද්ගලයින් 290 දෙනෙකු සහ දෙවන අදියරේදී ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා රෝගීන් 52 දෙනෙකු තෝරාගනු ලැබීය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පිඑස්සී ගේ උපදෙස් සහ 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එස්.ජේ තෙන්නකෝන් ආර්එස්පී හා 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් බී.ජී.ආර්. ගම්ලත්ගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාවට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ කාර්යය මණ්ඩලය, 56 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.