29th May 2024 18:07:27 පැය
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලෙහි නිර්මාතෘ ලුතිනන් කර්නල් ඩී.බී රාජසිංහ (අභාවප්‍රාප්ත) ගේ ජන්ම දිනයට සමගාමීව 2024 මැයි මස 28 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී භටපිරිස් විසින් රුධිරය දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
29th May 2024 13:34:49 පැය
හම්බන්තොට, උඩමුල්ල
29th May 2024 13:31:13 පැය
මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 මැයි මස 18 දින ක්ලැපන්බර්ග් කඳවුරේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
29th May 2024 13:27:58 පැය
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවූ අධික සුළං තත්ත්වය හේතුවෙන් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත දිවෙන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් කඩා වැටී තිබූ ගසක් 2024 මැයි මස 24 දින 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්.ඩී.ඊ.එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කඩිනමින් ඉවත් කරන ලදී.
29th May 2024 13:26:07 පැය
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ උපදෙස් මත පූජ්‍ය අඹගහවැවේ සංගරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් භටපිරිස් විසින් මාතොට රජමහා විහාරස්ථානයේදී මැයි 20 වන පොහෝ දින බෝධි පූජා පිංකමක් සහ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත්විණි.
29th May 2024 13:21:38 පැය
141 පාබල බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් 2024 මැයි මස 27 දින 8 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
29th May 2024 13:18:35 පැය
231 පාබල බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් උද්‍යානි මුණසිංහ මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ගර්භණී මාතාවන් 50 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අඩු ආදායම්ලාභී පවුල් 02 ක් හා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 05 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් හිඟුරක්ගොඩ ‘පුලතිසි තාරුකා මණ්ඩපය’ රඟහල් පරිශ්‍රයේදී 2024 මැයි මස 19 දින පවත්වනු ලැබීය.
28th May 2024 17:17:27 පැය
වෙසක් උත්සවයට සමගාමීව 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 2024 මැයි මස 23 සිට 25 දින දක්වා කාලය තුළ ඉරණමඩු ප්‍රදේශයේදී එම බලකායේ භටපිරිස් විසින් වෙසක් කලාපයක් පැවැත්වීය.
28th May 2024 17:12:50 පැය
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් 2024 මැයි මස 24 දින මන්නාරම ප්‍රදේශයේදී බත් දන්සැලක් පවත්වන ලදී.
28th May 2024 17:05:37 පැය
වෙසක් උත්සවය නිමිත්තෙන් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 23 දින සිට 26 දින දක්වා මිරිසුවිල් ප්‍රදේශයේ සහ නාවට්කුලි පිහිටි සමිද්ධි සුමන විහාරස්ථාන පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.