20th June 2024 15:09:59 පැය
24 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 'බුද්ධංගල විහාරස්ථානයේ' විහාර භූමියේ ගොඩගැසී ඇති අපද්‍රව්‍ය සහ කුණු ඉවත් කිරීමේ අරමුණින් ප්‍රජා ව්‍යාපෘතියක් සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය එළඹෙන පොසොන් පොහෝ දිනට සමඟාමීව 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 19 දින සිදුකරන ලදී.
20th June 2024 15:07:57 පැය
දකුණු පළාත තුළ ප්‍රමුඛතම ආගමික හා සංස්කෘතික උත්සවයක් වන කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යය 2024 ජූලි මස 02 සිට 22 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මොණරාගල දිස්ත්‍රික් ලේකම්, කතරගම දේවාලයේ බස්නායක නිලමේ සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 12 දින කිරිවෙහෙර පුදබිමේදී මෙම පෙරහැර පැවැත්වීම පිළිබඳ සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විණි.
20th June 2024 15:00:12 පැය
පසුගිය දිනවල පැවති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ අතර එම හේතුවෙන් පවුල් රැසක් අවතැන් වූ අතර මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 2024 ජුනි මස 19 දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ගංවතුරෙන් වැඩිපුරම පීඩාවට පත් වූ වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 35 දෙනෙකු වෙනුවෙන් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.
19th June 2024 13:54:02 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සිවිල් වැසියන්ගේ සහයෝගය මත 2024 ජුනි මස 15 දින පාලමුනේ සිට අඩ්ඩාලච්චේන දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
18th June 2024 18:18:23 පැය
‘Greater Hambanthota’ සැලැස්ම යටතේ හම්බන්තොට හා ඒ ආශ්රිත නගර සංවර්ධන සැලැස්මේ ප්‍රගති සමාලෝචන සහ ප්‍රධාන සැලැස්ම හඳුන්වාදීමේ වැඩසටහනක් 2024 ජුනි මස 12 දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන නගර සැලසුම්කරුවන් වන ‘සබ්හානා ජුරොන්ග් සිංගප්පූරු’ (පුද්ගලික) සමාගම (Sabhana Jurong Singapore) විසින් එම මූලික සැලැස්ම පැමිණ සිටි පිරිස වෙත ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
18th June 2024 18:08:28 පැය
දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් 2024 ජුනි මස 13 දින අම්බලන්තොට, බෙරගම ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරනු ලබන මගීන්ගේ ගමනාගමන කටයුතු සඳහා අවධානම් අයුරින් පිහිටි ගසක් කපා ඉවත් කරනු ලැබීය.
17th June 2024 09:16:00 පැය
6 ශ්‍රී ලංකා සංඥා බලකාය තොරතුරු තාක්ෂණ ඒකකයක් ලෙස 2014 ජුනි මස 16 දින ප්‍රතිස්ථාපනය වීමෙන් අනතුරුව එම ඒකකයේ 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 ජුනි මස 13 දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
16th June 2024 18:18:48 පැය
11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මූලිකත්වයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 14 දින නාවට්කුලි ලක්දරු පෙර පාසලේ ළමුන් වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
15th June 2024 09:05:35 පැය
අම්බලන්තොට, කුඩාබෝලාන
15th June 2024 09:00:24 පැය
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් තුම්පාලෙයි, නෙල්ලන්දායි භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 13 දින ක්‍රියාත්මක කරනු ලැබීය.