Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2024 21:12:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් ගල්පාත සුඛිත ආබාධිත බාලිකා නිවාසයේ ප්‍රජා වැඩසටහණක්

පසුගිය දා අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භට පිරිස් විසින් 2024 ජුනි මස 09 දින ගල්පාත සුඛිත ආබාධිත බාලිකා නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරණු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සේනාවිධායක කර්නල් කේ.එම්.ඒ.ඩබ්ලිව්.කේ. පෙරේරා ඒඒටීඕ ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගි වූ අතර, එහිදී භටපිරිස් විසින් එම නිවාසයේ උද්‍යානය සහ ගොඩනැගිල්ලේ ඇතුලත භාවිතයට සුදුසු තත්ත්වයට පිරිසිදු කරන ලදී.