28th May 2024 16:41:19 පැය
23 පාබල සේනාංකය ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හී සහභාගීත්වයෙන් මඩකලපුව හෙද විද්‍යාලයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහයෝගය මත 2024 මැයි මස 22 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
28th May 2024 16:31:16 පැය
නිරිතදිග මෝසම් වර්ෂාවේ ආරම්භයත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය. ඉන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් වෙනුවෙන් පිසූ ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ලබාදීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කරනු ලබයි.
27th May 2024 19:28:06 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් 2024 මැයි මස 23 දින සිට 26 දින දක්වා වැලිකන්ද නගර මධ්‍යයේදී වෙසක් කලාපයක් පැවැත්වීය.
27th May 2024 17:56:08 පැය
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මූලිකත්වයෙන් වවුනියාව ප්‍රදේශයේ වෙසෙන ගර්භනී මාතාවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 මැයි මස 23 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
27th May 2024 17:45:52 පැය
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම හා ශ්‍රී කැලණිය රජමහ විහාරස්ථාන තරුණ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත බත් දන්සලක් පැවැත්විණි.
27th May 2024 17:38:27 පැය
වෙසක් උත්සවයට සමගාමීව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ අධීක්ෂණය මත 2024 මැයි මස 23 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිටදී පොල් රොටි සහ බෙලි මල් දන්සලක් පැවැත්වීය.
27th May 2024 17:25:09 පැය
වෙසක් උත්සවයට සමගාමීව 141 පාබල බලසේනාව වෙතින් 2024 මැයි මස 22 දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ධර්ම දේශනාවක් සහ කොස් දන්සලක් පැවැත්වීය. 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. වෙසක් දන්සල සඳහා බැතිමතුන් 1000 කට අධික පිරිසක් පැමිණ සිටියහ.
27th May 2024 17:21:13 පැය
අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් 2024 මැයි මස 23 දින පස්යාල, රඳාවඩුන්න ප්‍රදේශයේ සියඹලා ගසක් කඩා වැටී ඇත.
27th May 2024 14:52:12 පැය
2024 වෙසක් උත්සව සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
27th May 2024 14:46:01 පැය
සාලියපුර ‘ශාන්තිසෙවන’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපැවැත්ම වෙනුවෙන් 21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 18 දින එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හිසකෙස් කැපීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.