2024-07-13 12:02:35
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් පී.ඩී.එස්.එන්. ගුණරත්න ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ පුහුණු දිනයට සමගාමීව 2024 ජූලි මස 03 දින ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී ශාරීරික පුහුණු වැඩසටහනක්, දේශන සහ විනෝදාත්මක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා සෙසුනිලයන් 50 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
2024-07-12 15:02:35
කොළඹ යුද්ධ හමුදා මුලික රෝහල වෙතින් 2024 ජූලි මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ‘නිරෝගී යුද්ධ හමුදාවක් - නිරෝගී ජාතියක්’ තේමාව ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. හෘදයාබාධ, ආඝාතය, හදිසි මරණ වැළැක්වීම, සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිතය සහ පෝෂණය, පිළිකාවන් පෙර හඳුනාගැනීම සහ ආතතිය කළමනාකරණය කරගැනීමේ ශිල්පීය ක්‍රම ඇතුළු තීරණාත්මක සෞඛ්‍ය සම්පන්න මාතෘකාවන් ඔස්සේ මෙම දේශනයේදී භටපිරිස් දැනුවත් කෙරිණි.
2024-07-11 18:29:04
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් 2024 ජූලි මස 10 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දේශන ශාලාවේදී දේශන මාලාවක් පවත්වනු ලැබීය. 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් වී.එන්.එම්. ජයසේකර යූඑස්පී එල්එස්සී ගේ මූලිකත්වයෙන් මෙම දේශන මාලාව පැවැත්විණි.
2024-07-10 19:58:07
ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ රාජකාරි කරනු ලබන රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ සුජිත් චාමින්ද විසින් 2024 ජූනි මස 23 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ‘හමුදා ඉතිහාසය සහ යුද සාහිත්‍යය’ මැයෙන් දේශනයක් පවත්වන ලදී. එම දේශනය සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් 400 කට ආසන්න පිරිසක් සහභාගි වූහ.
2024-07-09 19:33:11
යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 2024 ජුනි මස 29 දින 4 ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පැවැත්විණි.
2024-07-09 19:28:40
10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් 2024 ජුනි මස 06 දින ‘මුල්ලේරියා සටන’ තේමාව ඔස්සේ සාමූහික ඉදිරිපත් කිරීමක් සිදුකරනු ලැබීය. 10 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අයි.ජී.ආර්. ධම්මික විසින් මෙම සාමූහික ඉදිරිපත් කිරීම මෙහෙයවනු ලැබූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම පීඑස්සී සහභාගී විය.
2024-07-05 21:09:28
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය පුහුණු දිනයට සමඟාමීව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඒම්.ජී ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 ජූලි මස 03 දින දේශන මාලාවක් පවත්වන ලදී.
2024-07-05 14:26:47
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 74’ 2024 ජූලි මස 02 දින සාර්ථකව අවසන් විය.
2024-07-04 21:53:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තු නිලධාරීන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිලධාරී පුහුණු දිනය සහ ‘Diners’ Club’ වැඩමුළුව 2024 ජුනි මස 26 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2024-07-03 17:19:34
කොමිෂන් නොලත් නිලධාරින් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කණ්ඩ අවි පාඨමාලා අංක - 23 (2024/I) පාබල පුහුණු මධ්‍යස්ථානයේදී 2024 අප්‍රේල් මස 16 දින සිට ජුලි මස 01 දින දක්වා පැවැත්විණි.