09th July 2024 19:33:11 Hours
යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 2024 ජුනි මස 29 දින 4 ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පැවැත්විණි.
තරුණ නිලධාරීන්ගේ යුද්ධ හමුදා දිවිය සාර්ථක කරගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය වෘත්තීමය දිවිය තුලින් ලබාගත් දැනුම, අත්දැකීම් සහ අවබෝධය ලබාදීමේ අරමුණින් මෙම සුහඳ වැඩසටහන පැවැත්විණි. නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් ජී.ඩබ්ලිව්.ඒ.එස්.බී. මුහන්දිරම්ගේ යූඑස්පී සහ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපොළෙහි සේනාවිධායක කර්නල් එන්. වනසිංහ එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම වැඩසටහනේදී තරුණ නිලධාරින් සමඟින් සිය දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනු ලැබූහ.
මෙම අවස්ථාවට තවත් සුවිශේෂීත්වයක් එක්කරමින් ප්‍රසාද් සුබසිංහ මහතාගේ මෙහෙයවීමෙන් එම නිලධාරින් වෙනුවෙන් බෝල්රූම් නර්තන පුහුණු වැඩසටහනක් ද පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.