Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2024 21:09:28 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කිරීම පිළිබඳ දේශනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පුහුණු දිනයට සමඟාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඒම්.ජී ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 ජූලි මස 03 දින දේශන මාලාවක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් තරබාරුකම පාලනය සහ ශරීරය නිසි පරිදි නඩත්තු කිරීම මඟින් කාර්යය මණ්ඩලයේ සමස්ත ශාරීරික යහපැවැත්ම වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ව්‍යායාම කිරීම පිළිබඳ මෙම දේශනයේදී දැනුවත් කරන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සිනමා ශාලාවේ පැවති මෙම දේශනය සඳහා නිලධාරීන් 38 දෙනෙකු සහ සෙසුනිලයන් 265 දෙනෙකු සහභාගී වූහ.