Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2024 15:02:35 Hours

කොළඹ යුද්ධ හමුදා මුලික රෝහල වෙතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකා සාමාජිකයන් වෙනුවෙන් දේශනයක් පවත්වයි

කොළඹ යුද්ධ හමුදා මුලික රෝහල වෙතින් 2024 ජූලි මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ‘නිරෝගී යුද්ධ හමුදාවක් - නිරෝගී ජාතියක්’ තේමාව ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. හෘදයාබාධ, ආඝාතය, හදිසි මරණ වැළැක්වීම, සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිතය සහ පෝෂණය, පිළිකාවන් පෙර හඳුනාගැනීම සහ ආතතිය කළමනාකරණය කරගැනීමේ ශිල්පීය ක්‍රම ඇතුළු තීරණාත්මක සෞඛ්‍ය සම්පන්න මාතෘකාවන් ඔස්සේ මෙම දේශනයේදී භටපිරිස් දැනුවත් කෙරිණි.

මෙම දේශනය බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්. එම් විජේවර්ධන යූඑස්පී, ලුතිනන් කර්නල් (වෛද්‍ය) බී.එල් රණසිංහ කේඑස්පී, මේජර් ඒ.සී.කේ උඩුගම සහ මේජර් පී.ඒ.සී.පී.කේ පේදුරුආරච්චි විසින් මෙහෙයවන ලදී. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.