2024-07-28 07:59:04
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ සංකල්පයක් මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බලප්‍රදේශය යටතේ රියදුරු රාජකාරි සිදුකරන භට පිරිස් දැනුවත් කිරීමේ දේශනයක් එම ආරක්ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේදී 2024 ජූලි මස 24 දින පවත්වන ලදී.
2024-07-27 18:12:30
2024-07-27 18:06:09
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ මඟපෙන්වීම යටතේ, අණදෙන නිළධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ දේශන ශාලාවේදී 2024 ජූලි මස 23 දින දේශනයක් පවත්වන ලදී
2024-07-24 16:55:22
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 52’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ජූලි මස 22 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-07-24 16:52:25
14 පාබල සේනාංකයේ මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2024 ජූලි මස 17 සිට 19 දින දක්වා දින 3 ක පුහුණු වැඩසටහනක් පැවැත්වීය.
2024-07-23 05:35:57
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක මූලස්ථාන දේශන ශාලාවේදී නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසුනිලයන් 137 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මනෝවිද්‍යාත්මක දේශනයක් පැවැත්වීය. මෙම දේශනය මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී විසින් මෙහෙයවනු ලැබීය.
2024-07-15 13:12:19
යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව වෙතින් 2024 ජූලි මස 09 සිට 11 දින දක්වා බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂිත ගොල්ෆ් පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය. ගොල්ෆ් ක්‍රීඩාව නිලධාරීන්ගේ ක්‍රීඩාවක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-07-15 11:47:57
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් පරිදි 22 පාබල සේනාංකයේ සෙබළුන්ගේ ගිණුම්තැබීම පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් දින 5 ක ගිණුම්තැබීම පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.
2024-07-14 05:11:39
10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ආලන්කුලම් බලඇණි පුහුණු පාසලේ දී පැවති බලඇණි පුහුණු පාඨමාලාව 2024 ජූලි මස 09 දින සාර්ථකව අවසන් කරන ලදී. මාස දෙකක කාලයක් තුල පැවති මෙම පාඨමාලාව සඳහා එම බලඇණියේ නිලධාරීන් 13 ක් සහ සෙසු නිලයන් 426 ක් සහභාගී වූහ.
2024-07-13 21:42:16
ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලා අංක 49 නිලධාරින් සහ සෙසුනිලයන් 16 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2024 මැයි මස 10 දින සිට 2024 ජූලි මස 11 දින දක්වා දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පැවැත්විය. මෙම පාඨමාලාව එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රගේඩියර් ආර්.පී මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය.