2024-08-07 18:41:07
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජෙනරල් ඒස්. ඒ. එන්.ජේ. ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත එක්දින පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එතුමන්ගේ ඉල්ලීමකට අනුව CEAT කැලණි අන්තර්ජාතික ටයර් පෞද්ගලික සමාගම විසින් සුවිශේෂි පුහුණු වැඩමුළුවක් එම පරිශ්‍රයේ දී 2024 අගෝස්තු මස 02 දින පවත්වන ලදී.
2024-08-06 19:18:40
අම්පාර සටන් පුහුණු පාසලේ ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 104’ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 05 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
2024-08-05 17:20:10
ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව නිලධාරි අංක - 34, සෙසුනිල අංක -37 සහ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව අංක -76 යන පාඨමාලාවන් හැදැරූ නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසුනිලයන් 246 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය 2024 ජූලි මස 31 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වූහ.
2024-08-02 21:20:04
අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩි. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එච්ඩිඑම්සි පීඑස්සි ගේ මඟපෙන්වීම යටතේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ සහයෝගයෙන් යුධෝපකරණ පුහුණු පාසල විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ දෙදින වැඩමුළුවක් 2024 ජූලි මස 24 දින සහ 25 දිනයන් හි යුද්ධ හමුදා මූලස්ථානයේදී නිලධාරීන් සඳහා පවත්වන ලදී.
2024-08-02 21:10:12
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ දෙවන වසරේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු සැලැස්මේ කොටසක් වන එක්දින මනෝවිද්‍යා වැඩමුළුවක් 2024 ජූලි මස 29 දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා රයිෆල් බළකායේ දේශන ශාලාවේදී පැවැත් විණි. අනාගතයේ විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් සාර්ථක විශ්‍රාම දිවියක් ගතකිරීම සඳහා සූදානම් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.
2024-08-02 17:39:49
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් (ජ්‍යෙකොනොනි) සඳහා හඳුන්වා දුන් කාර්මික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා අංක - 02 ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී 2024 ජූලි මස 31 දින සාර්ථකව අවසන් විය.
2024-07-31 19:34:52
ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී Diners' Club වැඩමුළුවක් 2024 ජූලි මස 26 දින පැවැත්විය. මෙම අවස්ථාවට අරාධිත කථිකයෙක් ලෙස මොහාන් සමරනායක මහතා සහභාගී විය.
2024-07-29 17:30:14
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකළා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම අධ්යක්ෂ කාර්යාලයේ දී “මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම” පිළිබද දේශනයක් 2024 ජූලි මස 24 දින සංවිධානය කරන ලදී.
2024-07-28 08:57:40
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් Diners’ Club වැඩසටහනක් කලත්තෑව එම බළකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 ජූලි මස 24 දින පැවැත් විය.
2024-07-28 08:07:37
කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මඟින් පවත්වන ලද මානව හිමිකම් හා මානුෂවාදී නීතිය පිළිබඳ මුලික පුහුණු පාඨමාලාව අංක 35 - සෙසුනිල එම පුහුණු ආයතනයේ දී 2024 ජූලි 26 දින සාර්ථකව අවසන් විය.