Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2024 14:26:47 Hours

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 74’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 74’ 2024 ජූලි මස 02 දින සාර්ථකව අවසන් විය.

යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයන් 191 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගි වූහ. පාඨමාලාවේ ත්‍යාග ප්‍රධානොත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී අවසන් දේශනය පවත්වන ලදී. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් එස්.එම්.අයි.ටී. සේනාධීර විසින් සම්මාන දිනාගත්තේය.

මෙම අවස්ථාවට අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපදේශකවරුන් පිරිසක් ද සහභාගී වූහ.