Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2024 18:29:04 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් දේශනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලිකත්වයෙන් 2024 ජූලි මස 10 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දේශන ශාලාවේදී දේශන මාලාවක් පවත්වනු ලැබීය. 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් වී.එන්.එම්. ජයසේකර යූඑස්පී එල්එස්සී ගේ මූලිකත්වයෙන් මෙම දේශන මාලාව පැවැත්විණි.

මෙම දේශනයේදී, සංවිධානාත්මක අපරාධ, මූල්‍ය වංචා, මත්ද්‍රව්‍ය භාවිතය/ජාවාරම්, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ සහ මාර්ගගත සූදුව ඇතුළු වැනි කරුණු සබැඳිව සහභාගී වූවන් දැනුවත් කෙරිණි.

මෙම දේශනය සඳහා පනාගොඩ යුද්ධ හමුදා ජනපදය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 20 දෙනෙක් සහ සෙසුනිලයන් 160 දෙනෙකු සහභාගී වූහ.