2024-07-02 16:35:35
යුද්ධ හමුදා තූර්ය වාදක රංගකලා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත එම අධ්යක්ෂ මණ්ඩලයෙහි රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ දේශන මාලාවක් රත්මලාන, යුද්ධ හමුදා තූර්ය වාදක රංගකලා අධ්යක්ෂ මණ්ඩලයේදී පසුගියදා පැවැත්විණි.
2024-07-02 13:35:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය - ගම්පොළ මගින් 2024 ජූනි මස 10 දින සිට 28 දින දක්වා උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 11 ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
2024-07-01 14:08:51
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSCA) මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාපිත කිරීමට නියමිත ගුවන් හමුදා භට කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලා අංක 10, සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ජූනි මස 28 දින සාර්ථකව අවසන් විය.
2024-06-29 22:32:39
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත පිරිසක් විසින් ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර දී අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම් (MISO) පිළිබඳ දෙදින වැඩමුළුවක් 2024 ජුනි මස 26 සහ 27 යන දිනයන්හිදී පවත්වන ලදී.
2024-06-28 18:29:50
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු ශ්‍රවණාගාරයේදී බෝ නොවන රෝග සහ ලිංගාස්ශ්රිත රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 26 දින පවත්වන ලදී.
2024-06-22 15:17:07
141 පාබල බලසේනාව විසින් එම බලසේනා පරිශ්‍රයේදී ළමා හා කාන්තාවන්ට සිදුවන අපරාධ, නීති ක්‍රියාමාර්ග සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජුනි මස 19 දින පැවැත්විය. 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ පුහුණු දිනයට සමඟාමීව මෙම වැඩසටහන පැවැත් විය.
2024-06-20 15:02:59
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් 2024 ජුනි මස 19 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘සමාජීය ගැටළු සඳහා විසඳුම්’ තේමාව ඔස්සේ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, කාන්තා හිංසනය සහ එහි නීතිමය පසුබිම, මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් ජීවිතයක් යන තේමාවන් පිළිබඳ දේශනයන් පැවැත්විණි.
2024-06-19 13:57:24
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 ජූනි මස 11 දින එම සේනාංක මූලස්ථානයේ නිලධාරීන්ගේ පුහුණු දිනය සහ Diners Club වැඩමුළුවක් පැවැත්විණි.
2024-06-18 18:15:14
කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා පවත්වනු ලැබූ කමාන්ඩෝ සත්‍ය ආරක්ෂක සටන් කලා පාඨමාලා (Real Fighting System) අංක - 05 පසුගිය දා සාර්ථකව අවසන් විය.
2024-06-18 06:06:44
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසි ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය වෙතින් 2024 ජුනි මස 14 දින ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වන ලදී.