09th July 2024 19:28:40 Hours
10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් 2024 ජුනි මස 06 දින ‘මුල්ලේරියා සටන’ තේමාව ඔස්සේ සාමූහික ඉදිරිපත් කිරීමක් සිදුකරනු ලැබීය. 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අයි.ජී.ආර්. ධම්මික විසින් මෙම සාමූහික ඉදිරිපත් කිරීම මෙහෙයවනු ලැබූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම පීඑස්සී සහභාගී විය.