2024-08-17 07:58:34
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මගපෙන්වීම යටතේ නිලධාරීන් සහ සෙසු නිලයන් 68 දෙනෙකු සඳහා විශේෂ මූලික යාන්ත්‍රික බෝට්ටු සහ ඔරු පුහුණු පාඨමාලාවක් සංවිධානය කරන ලදී.
2024-08-16 13:34:34
සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක - 11 හි සහතිකපත් ප්රදානෝත්සවය නයාරු විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 14 දින පැවැත්විණි.
2024-08-15 06:06:00
විශේෂ බළකා පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ නාගරික සටන් පාඨමාලා - අංක 03 සහතිකපත් ප්රදානෝත්සවය මන්කි බ්‍රිජ් (Monkey Bridge) පිහිටි 4 විශේෂ බළකා රෙජිමේන්තු පරිශ්‍රයේදී නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිලයන් 59 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 අගෝස්තු මස 12 දින පැවැත්විණි. .
2024-08-14 12:50:09
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භට පිරිස් අතර වාහන නඩත්තු පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් වැඩමුළුවක් 23 පාබල සේනාංකයේ දී 2024 අගෝස්තු 02 දින පවත්වන ලදී.
2024-08-13 14:21:59
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය 2024 අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔයදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් මත්තල ගුවන්තොටුපලින් 2024 අගෝස්තු මස 12 දින දිවයිනට පැමිණියහ. ඒ අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා භඨපිරිස් අධ්යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ අධ්යක්ෂ මේජර් ජෙනරල් යු.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිපී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගන්නා ලදී.
2024-08-12 13:46:38
දියතලාව යුද්ධ හමුදා විද්‍යපීඨයේ"යුද සාහිත්‍යය " පිළිබඳ දේශණයක් 2024 අගෝස්තු මස 10 දින පවත් වන ලදී. මෙම දේශණයට කෙඩෙට් නිලධාරීන්, විද්‍යාපීඨයේ සියළු උපදේශකයන්, කාර්ය මණ්ඩලය, සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 700 කට වැඩි පිරිසක් සහහාගි වූහ.
2024-08-10 12:56:38
23 පාබල සේනාංකයේදී කාන්තා හිංසනය වැළැක්වීම සහ එහි පවතින නීතිමය රාමුව පිළිබඳව වැදගත් දේශනයක් 2024 අගෝස්තු මස 07 දින පැවැත්විය.
2024-08-10 12:55:19
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩබලන අධ්යක්ෂ බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මේජර් වී.ජී. කපුගමගේ විසින් ආහාර පරිභෝජනය පිළිබඳ දේශනයක් පැවැත්වීය.
2024-08-09 08:05:37
කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය අවම කිරීම පිළිබඳ දේශනයක් 2024 ජූලි මස 31 දින 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේදී පවත්වන ලදී. රාජ්‍ය ආයතන තුළ සමානාත්මතාවය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන අතුරුගිරිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක යෙස්මින් රානි මහත්මිය විසින් සිදුකරන ලදී.
2024-08-08 14:14:13
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ නිලධාරින් 62 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ‘සන්නද්ධ බලකා නිවස්නය’ (Cavalry Mess) දී Diners' Club වැඩසටහනක් 2024 ජූලි මස 31 දින පවත්වන ලදී