03rd July 2024 17:19:34 Hours
කොමිෂන් නොලත් නිලධාරින් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කණ්ඩ අවි පාඨමාලා අංක - 23 (2024/I) පාබල පුහුණු මධ්‍යස්ථානයේදී 2024 අප්‍රේල් මස 16 දින සිට ජුලි මස 01 දින දක්වා පැවැත්විණි.
පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් පාඨමාලාව සඳහා සහභාගිවූවන් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. පාඨමාලාවේ කුසලතා අනුපිළිවෙලින් 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ ඩී.එම්.වී.එන්. දසනායක ප්‍රථම ස්ථානය දිනාගත්තේය.