Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2024 05:11:39 Hours

10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ආලන්කුලම් බලඇණි පුහුණු පාසලේ දී පැවති බලඇණි පුහුණු පාඨමාලාව 2024 ජූලි මස 09 දින සාර්ථකව අවසන් කරන ලදී. මාස දෙකක කාලයක් තුල පැවති මෙම පාඨමාලාව සඳහා එම බලඇණියේ නිලධාරීන් 13 ක් සහ සෙසු නිලයන් 426 ක් සහභාගී වූහ.

බලඇණි පුහුණු පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා කෝප්‍රල් වීරසිංහ එච්ඒඩීඩී, දක්‍ෂතම වෙඩික්කරු ලාන්ස් කෝප්‍රල් රූපසිංහ ආර්ජීඑම්කේ, හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබළා ලාන්ස් කෝප්‍රල් මදුසංක කේඩබ්ලිව්එල්, හොඳම කණ්ඩායම ඒ කණ්ඩායම, දක්‍ෂතම කණ්ඩය සී කණ්ඩායමේ දෙවන කණ්ඩය සහ දක්‍ෂතම අනුඛණ්ඩය සී කණ්ඩායමේ 2 වන කණ්ඩයේ දෙවන අනුඛණ්ඩය ලෙස පත්වෙන ලදී.

සමාප්ති දේශනය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් පවත්වන ලදී. 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම සමාප්ති උත්සවයට සහභාගී වූහ.