2024-09-09 15:12:43
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, එම වැඩසටහන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී 2024 සැප්තැම්බර් මස 5 දින පැවැත්විණි. එම ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී I - නීති අංශයේ, ලුතිනන් කර්නල් ඒ.එම්.ටී.ඒ.බී. අරම්පත් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වගකීම් පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
2024-09-09 15:05:50
බලඇණි පුහුණු පාඨමාලාව 2024 හි සිව්වන අදියර 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 231 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 ජූලි මස 22 දින ආරම්භකර 2024 සැප්තැම්බර් මස 6 දින සාර්ථකව අවසන් කරන ලදී.
2024-09-06 18:44:56
ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය 2024 ආරක්ෂක සේනා ආඥාපති වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ අම්බකාමම් ක්ෂේත්‍ර වෙඩි පිටියෙදි 2024 සැප්තැම්බර් මස 2 දින සාර්ථකව අවසන් කරන ලදී.
2024-09-04 21:12:45
අන්තරායකර මත්ද්‍රව්‍ය, ඒවායේ බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් වැළැක්වීමේ නීතිමය රාමුව පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් 2024 අගෝස්තු 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
2024-09-04 21:10:04
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ දේශන මාලාවක් 2024 අගෝස්තු මස 28 දින එම සේනාංකයේදී පවත්වන ලදී.
2024-09-04 16:00:50
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම පාබල බලසේනාවේ භට පිරිස් සඳහා සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-08-31 07:54:45
ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 75 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසු නිලයන් 188 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 29 දින සාර්ථකව අවසන් විය.
2024-08-30 11:57:15
ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 132 විසිර යාමේ පෙළපාලිය පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 අගෝස්තු 25 දින පැවැත්විණි.
2024-08-30 11:55:18
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය වෙනුවෙන් පවත්වන වන එක්සත් ජාතීන්ගේ අතුරු බලකා පෙර යෙදවීමේ පුහුණු පාඨමාලා අංක - 16 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 අගෝස්තු මස 29 දින සාර්ථකව නිම කරන ලදී.
2024-08-27 20:04:29
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා - වන්නි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අංශය විසින් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ චිත්ත ධෛර්යය නංවාලීම සඳහා දේශන මාලාවක් 2024 අගෝස්තු 20 දින සිට 23 දින දක්වා පැවැත්විණි.