15th July 2024 13:12:19 Hours
යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව වෙතින් 2024 ජූලි මස 09 සිට 11 දින දක්වා බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂිත ගොල්ෆ් පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය. ගොල්ෆ් ක්‍රීඩාව නිලධාරීන්ගේ ක්‍රීඩාවක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරුණු මෙම පුහුණු වැඩසටහන ඕස්ට්‍රේලියාවේ සහ සැම්බියාවේ ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් 116 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තෙදිනක් පුරාවට පැවැත්විණි.