Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2024 16:52:25 Hours

14 පාබල සේනාංකයේ පුහුණු වැඩසටහන සාර්ථකව අවසන්

14 පාබල සේනාංකයේ මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2024 ජූලි මස 17 සිට 19 දින දක්වා දින 3 ක පුහුණු වැඩසටහනක් පැවැත්වීය.

මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූවන් නායකත්වය, තොරතුරු තාක්‍ෂණය, කාලීන රාජකාරීන්, භඨකාර්ය සම්පාදනය, නීති සහ භෝජනාගාර ආචාර ධර්ම ඇතුළු විවිධ න්‍යායාත්මක හා ප්‍රායෝගික අභ්‍යාසයන්හි නිරත වූහ. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් සහභාගී වූවන් ජාතික කෞතුකාගාරය සහ කොළඹ වරායේ සංචාරයක නිරතවූහ.