Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd July 2024 05:35:57 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් මනෝවිද්‍යාත්මක දේශනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක මූලස්ථාන දේශන ශාලාවේදී නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසුනිලයන් 137 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මනෝවිද්‍යාත්මක දේශනයක් පැවැත්වීය. මෙම දේශනය මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී විසින් මෙහෙයවනු ලැබීය.

රැකියාව සහ පුද්ගලික ජීවිතයේ සමතුලිතතාවය, මූල්‍ය කළමනාකරණය, විශ්‍රාම ගැනීමෙන් පසු ජීවිතය සහ පවුල් ජීවිතය ඇතුළු මාතෘකා රැසක් ආවරණය කරමින් මෙම දේශනය පැවැත්විණි.