Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2024 16:55:22 Hours

‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 52’ සාර්ථකව අවසන්

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 52’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ජූලි මස 22 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 54 දෙනෙකුගේ සහභාගීත්වයේ පැවති මෙම පාඨමාලාව 2024 ජූනි මස 24 සිට ජූලි මස 22 දින දක්වා පැවැත්විණි. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් කේ.පී.ටී. සම්පත් විසින් දිනාගන්නා ලදී.

පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය