Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th July 2024 21:42:16 Hours

දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පැවති ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලා අංක - 49 සාර්ථකව අවසන්

ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලා අංක 49 නිලධාරින් සහ සෙසුනිලයන් 16 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2024 මැයි මස 10 දින සිට 2024 ජූලි මස 11 දින දක්වා දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පැවැත්විය. මෙම පාඨමාලාව එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රගේඩියර් ආර්.පී මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 ජූලි මස 11 දින පවත්වන ලද අතර, පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 14 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කපිතාන් එම්.එන්.පී. ප්‍රනාන්දු පිදුම් ලැබීය.