Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2024 07:59:04 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භට පිරිස් දැනුවත් කිරිමේ දේශනයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ සංකල්පයක් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බලප්‍රදේශය යටතේ රියදුරු රාජකාරි සිදුකරන භට පිරිස් දැනුවත් කිරීමේ දේශනයක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන දේශන ශාලාවේදී 2024 ජූලි මස 24 දින පවත්වන ලදී.

මෙම දේශනයේදී රියදුරන් හට රියදුරු රාජකාරින් පිළිබඳව සහ වාහන නඩත්තුව පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබුණු අතර 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ, 7 ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දේශනය මෙහෙයවන ලදී.

මෙම දේශනය සඳහා නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසු නිලයන් 60 දෙනෙකුද සහභාගී වූහ.